fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සති අන්ත දීර්ඝ නිවාඩුව වෙනුවෙන් ශ්‍රී‍්‍රපාද වන්දනාවට විශාල පිරිසක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 19, 2019 12:21

සති අන්ත දීර්ඝ නිවාඩුව වෙනුවෙන් ශ්‍රී‍්‍රපාද වන්දනාවට විශාල පිරිසක්

සති අන්ත දීර්ඝ නිවාඩුව වෙනුවෙන් ශ්‍රී‍්‍රපාදය වන්දනා කිරිමට විශාල පිරිසක් පැමිණෙමින් සිටින බව අප වාර්තාකරුවන් ප‍්‍රකාශ කළා.

හැටන් මාර්ගය ඔස්සේ බොහෝ පිරිසක් පැමිණෙන බවයි නල්ලතන්නිය පොලිස් ස්ථානාධිපති ලක්සිරි ප‍්‍රනාන්දු මහතා පෙන්වා දෙන්නේ. කිලෝ මීටර් හතරක පමණ දුරට වාහන ගාල්කර තිබෙනවා.

වන්දනාකරුවන් වෙනුවෙන් හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා බස් රථ රැසක් ධාවනයට එක්කර තිබෙනවා. පෞද්ගලික බස් රථ ද ඊට සමගාමිව ධාවනයට එක්කර ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ. වන්දනාකරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ද විශේෂ වැඩපිළිවෙලක් කි‍්‍රයාවට නංවා තිබෙනවා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 19, 2019 12:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්