සහතික මිලට වී මිලදී ගැනීම රජය අඛණ්ඩව සිදුකරනවා. පොළොන්නරුව දිස්ත්රික්කයෙන් මේ වන විට වී මෙට්රික් ටොන් 1600ක් මිලදී ගෙන ඇති බවයි වී අලෙවි මණ්ඩලය පවසන්නේ.
ගොවීන්ට සහන සලසමින් පොළොන්නරු දිස්ත්රික්කයේ ගබඩා 21කදී වී මිලදී ගැනීම් සිදු කරනවා. අවුරුදු නිවාඩුවෙන් පසු වී මිලදී ගැනීම් අද යළි ආරම්භ කිරීමටයි කටයුතු කෙරුණේ. රුපියල් මිලියන 64ක් වැය කරමින් වී මෙට්රික් ටොන් 1600ක් පොළොන්නරුව දිස්ත්රික්කයෙන් මේ දක්වා මිලදී ගෙන තිබෙනවා. කදුරුවෙල , හිගුරක්ගොඩ, මැදිරිගිරිය , දිය බෙදුම, මනම්පිටිය, වැලිකන්ද, විජයපුර ආදී ප්රදේශවල වී මිලදී ගැනීම් සාර්ථකව සිදු කෙරෙන බව වී අලෙවි මණ්ඩල නිලධාරීන් සදහන් කළා.