fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශින්සෝ අබේ – ට්‍රම්ප් හමුව ලබන මාසයේ දී

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 19, 2019 11:02

ශින්සෝ අබේ – ට්‍රම්ප් හමුව ලබන මාසයේ දී

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන මාසයේදී ජපානයේ සංචාරයක නිරතවීමට නියමිතයි. එහිදී ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ සමඟ සාකච්ඡා පැවැත්වීමටත් සැළසුම්කර තිබෙනවා.

උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවිහරණය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාකරනු ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ ට්‍රම්ප් ජනාධිපතිවරයා මැයි 25 වනදා සිට 28 වනදා දක්වා ජපානයේ සංචාරය කරන බවයි. එමෙන්ම එහිදී දෙරට අතර වෙළෙද සහ ආයෝජන සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා පැවැත්වෙනු ඇති බවයි වැඩිදුරටත් එම නිවේදනයේ දැක්වෙන්නේ.

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 19, 2019 11:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්