උතුරු කොරියා නායක කිම් ජොන් උන් රුසියාවේ සංචාරයක නිරතවීමට නියමිත බව රුසියා වාර්තා සදහන් කරනවා. එම සංචාරයේදී රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමුවීමට ද නියමිතයි. කිම් ජොන් උන්ගේ සංචාරය මෙම මස අවසන් සතියේදී හෝ ලබන මාසය මුලදී සිදුකරනු ඇති බවයි රුසියා වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
ඔවුන් දෙදෙනාගේ හමුව සම්බන්ධයෙන් නිශ්චිත දිනයක් හෝ ස්ථානයක් පිළිබද මෙතෙක් හෙළිකර නැහැ. උතුරු කොරියා නායකයාගේ රුසියා සංචාරය පිළිබද ප්රකාශයට පත්වූයේ ඇමෙරිකා රාජ්ය ලේකම් මයික් පොම්පියෝ සමග තවදුරටත් සාකච්ඡාවල නිරතවීමට අදහසක් නොමැති බව උතුරු කොරියාව ප්රකාශ කිරීමෙන් පසුවයි.