කළුතර මහරෝහලේ දී මළසිරුරු මාරු වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරික්ෂණයක් සිදුකරන ලෙස අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නියෝග කර තිබෙනවා.
කළුතර මහරෝහලේ දී මළ සිරුරු පහක් ඥාතීන්ට භාරදීමේදී එම සිරුරු මාරු කර භාර දීම හේතුවෙන් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවුණා. ඒ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා දැනුවත් කිරීමට කටයුතු කළා.
අමාත්‍යවරයා රෝහල් අධ්යක්ෂවරයාගෙන් මේ පිළිබද කරුණු විමසා සිටීමෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදු කරන ලෙස සෞඛ්‍ය අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට නියෝග කළ බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.
මේ සම්බන්ධයෙන් කිසියම් සෞඛ්‍ය සේවකයෙකු වැරදිකරු වුවහොත් ඔහුට එරෙහිව විනයානුකූල පියවර ගන්නා බව ද අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අවධාරණය කරනවා.