fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඩුබායි වලින් පිටුවහල් කළ අෆ්රඩි CCD අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 19, 2019 10:02

ඩුබායි වලින් පිටුවහල් කළ අෆ්රඩි CCD අත්අඩංගුවට

ඩුබායිවලින් ඊයේ පිටුවහල් කෙරුණු දෙදෙනාගෙන් එක් අයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකළ ප්‍රශ්නකිරීම්වලින් අනතුරුවයි.

ඔහු කොලොන්නාව, සාලමුල්ල, ගමගේවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ මොහොමඩ් අෆ්රඩි මොහොමඩ් ඉන්හාම් යන අයයි. අනෙක් සැකකරුවන පියල් පුෂ්පකුමාර රාජපක්ෂ යන අයගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් ප්‍රශ්නකරමින් සිටිනවා.

මාකදුරේ මධුෂ් සමග ඩුබායි හිදී අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගෙන් 23 දෙනෙකු මේ වනවිට දිවයිනට පිටුවහල් කර තිබෙනවා. මාකදුරේ මධුෂ් පිටුවහල් කරන්නේද නැද්ද යන්න තීරණය ලබන 2 වනදා ගැනීමට නියමිත බවයි ඩුබායි ආරක්ෂක අංශ ප්‍රකාශ කළේ.

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 19, 2019 10:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්