තම බන්ධනාගාරවල රඳවා සිටින ඉන්දීය සිරකරුවන් පිරිසක් නිදහස් කරන බව සවුදි අරාබිය ප්‍රකාශ කළා. ඒ සඳහා වන මූලික වැඩපිළිවෙල සකස් කර අවසන් බවයි සවුදි මාධ්‍ය වාර්තා කරන්නේ.
ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් රජු ඉන්දියාවේ සිදුකළ සංචාරයකින් අනතුරුවයි මෙසේ ඉන්දීය සිරකරුවන් නිදහස් කිරීමට තීරණය කළේ.සිරකරුවන් 850 දෙනෙකු පමණ නිදහස් කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.
එහෙත් සවුදිය එම සංඛ්‍යාව නිල වශයෙන් තහවුරු කර නැහැ. මේ අතර සවුදි බන්ධනාගාරයේ රඳවා සිටින පාකිස්ථාන සිරකරුවන් පිරිසක් නිදහස් කිරීමට ද තීරණය කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා ප්‍රකාශ කළේ.