fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පියපුතු පදනම මත ලංවිම සේවක පවුල් සාමාජිකයන්ට රැකියා

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 18, 2019 17:31

පියපුතු පදනම මත ලංවිම සේවක පවුල් සාමාජිකයන්ට රැකියා

රාජකාරියේ යෙදීසිටින අතරතුරදී ජීවිත අහිමිවන ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ගේ පවුලේ සාමාජිකයෙකු වෙත සුදුසුකම් මත ලංකා විදුලිබල මණ්ඩලයේ රැකියා ලබාදීමට වැඩපිළිවෙළක් ආරම්භ කරන බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා.

පියපුතු පදනම මත සේවක පවුල් සාමාජික සාමාජිකාවන්ට ලංකා විදුලිබල මණ්ඩලයේ පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව සදහන් කළා. මෙහිදී සේවක දරුදැරියන් 123 දෙනෙකු වෙනුවෙන් අමාත්‍යවරයාගේ අතින් පත්වීම් ලිපි ප්‍රදානය කෙරුණා. 10% ක් වූ පියපුතු පදනම මත රැකියා ලබාදීම 12.5% දක්වා ඉහළ නැංවීමට ද නියමිතයි. 1969 වසරේ ලංකා විදුලිබල මණ්ඩලය ආරම්භ කිරීමේ සිට මේ දක්වා සැලකිය යුතු නවීකරණයක් සිදුවී නැති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා. නවීන තාක්ෂණික ක්‍රම යටතේ විදුලිබල මණ්ඩලය තුළ පුළුල් වෙනසක් සිදු කිරීමට තමන් අපේක්ෂා කරන බවද ඒ මහතා කියාසිටියා. විදුලි ඉල්ලුම කඩිනමින් සම්පූර්ණ කිරීමට හැකි වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා මෙහිදී සදහන් කළා.

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 18, 2019 17:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්