නායකත්වයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් තමන් සෑහිමට පත් නොවන බව හිටපු නායක ලසිත් මාලිංග පවසනවා. මේ අතර එක්දින ක්රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්රී ලංකා කණ්ඩායම් නායකත්වය වෙනස්වීමට බලපෑ හේතු තේරීම් කමිටුව අද (18) පැහැදිලි කළා.
තමන්ව නායකත්වයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් සෑහිමට පත් නොවන බව හිටපු නායක ලසිත් මාලිංග පවසනවා. ඉන්දියාවේ සිට අයිටීඑන් ප්රවෘත්ති අංශය සමග අදහස් පළකරමින් ඔහු කියාසිටියේ ඊට හේතුවූ කරුණු පිළිබද තේරීම් කමිටුව සමගින් වැඩිදුරටත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි. ඉන් අනතුරුව එක්දින පිටියෙන් තමන් සමුගන්නේ ද නැද්ද යන්න තීරණය කරන බව ලසිත් මාලිංග වැඩිදුරටත් කියාසිටියා.
තවත් දින 43 කින් එංගලන්තයේ දී ආරම්භවන එක්දින ක්රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්රී ලංකා සංචිතය අද (18) නම්කළා. 15 දෙනෙකුගෙන් යුත් සංචිතයට තවත් අතිරේක ක්රීඩකයින් 4 දෙනෙක් නම්කිරීමට කටයුතුකර තිබෙනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/X41oCim-Nug”]