අලුත් අවුරුද්දට ගම්බිම් බලා ගිය ජනතාවට යළි සේවා ස්ථාන කරා පැමිණීමට නිසිපරිදී ප්‍රවාහන සේවා සපයා ඇති බව අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/6dn8oWUsq5U”]
දක්ෂිණ අධිවේගී මාර්ගය භාවිතයේ දී කොට්ටාව පිවිසුම් පර්යන්තය කාර්ය බහුල අවස්ථාවල විකල්ප පිවිසුම් ලෙස කඩුවෙල, අතුරුගිරිය හා කහතුඩුව පර්යන්තවල පහසුකම් සැලසීම සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා
[ot-video type=”youtube” url=”https://youtu.be/Ge9SJy1YfdU”]
මෙහිදී අදහස් දැක්වූ දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා කියා සිටියේ ලබන අගෝස්තු මාසය වන විට ඉන්දියාවෙන් හා චීනයෙන් ලැබෙන නව දුම්රිය බලවේග කට්ටල 15ක් ධාවනයට එක්කිරීමට හැකි වන බවයි.