කිලිනොච්චිය මුහමාලේ ප්‍රදේශයේදී බිම් බෝම්බ ඉවත්කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු එය පිපිරියාමෙන් තුවාල ලබා තිබෙනවා. ඔවුන් උතුරේ බිම් බෝම්බ ඉවත්කිරීමේ මානුෂීය කටයුතුවල නිරතව සිටින ජාත්‍යන්තර සංවිධානයක සේවය කරන කාන්තාවන් දෙදෙනෙක්.
අවුරුදු 25 ක් සහ 26 ක් වයසැති ඔවුන් අරියාලේ සහ පරන්තන්හි පදිංචි කරුවන්. බිම් බෝම්බ සෙවීමේ කටයුතුවල නිරතව සිටියදී හදිසියේම බිම් බෝම්බයක් පුපුරායාමෙන් එම දෙදෙනා තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.