පසුගිය අටවනදා සිට 13 වනදා දක්වා රුපියල් මිලියන 400 ක ලාභයක් ලංකා ගමනා ගමන මණ්ඩලය උපයා ඇති බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කලා.
ඒ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලාගිය ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කළ විශේෂ ප්‍රවාහන සේවා මගින්. යළි කොළඹ බලා පැමිණීමට ලබන 22 වනදා තෙක් ක්‍රියාත්මක බස් සේවා මගින් ද මෙවැනිම ලාභයක් අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා සදහන් කළේ. පසුගිය 8 වනදා පමණක් බෙලිඅත්තට ධාවනය වූ දුම්රියෙන් රුපියල් පන්ලක්ෂ හතලිස් දෙදහසක ආදායමක් ඉපැයු බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.