සිය ගුවන් ගමන් කඩිනමින් යළි අරඹන බව ඉන්දිය ජෙට් එයාර් වේස් ගුවන් සමාගම ප්‍රකාශ කළා. මුල්‍ය අර්බුදයක් හේතුවෙන් සියලු දේශිය සහ ජාත්‍යන්තර ගුවන් ගමන් නතර කිරිමටයි පියවර ගැණුනේ. ඒ අනුව ගුවන් යානා 123ක් පමණ අවලංගු කර තිබෙනවා.
නියමුවන්, ඉංජිනේරුවරුන් ඇතුලු කාර්ය මණ්ඩලයට මාස කිහිපයකින් වැටුප් ලබාදී නොමැති බවයි වාර්තා වුණේ. මුල්‍ය අර්බුදයට විසදුමක් ලෙස රාජ්‍ය බැංකුවකින් ඉල්ලා තිබූ ණය මුදලද ප්‍රතික්ෂේප වූ බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.