ITN FM කෝකිල වසන්තය විශේෂ ප්‍රවර්ධන චාරිකාව මේවන විට අනුරාධපුරය පුබුදු පුර ප්‍රදේශයට ලගාවී තිබෙනවා. පසුගිය දින කිහිපයේදී ප්‍රවර්ධන චාරිකාවට ජනතාවගෙන් උණුසුම් ප්‍රතිචාර හිමිවුණා. කෝපි කඩේ රංගන ශිල්පීන්ගේ ද සහභාගීත්වයෙන් යුතු විශේෂාංග රැසක් ප්‍රවර්ධන චාරිකාවට ඇතුලත් බවයි අප නියෝජිත නලින් විරාජ් ප්‍රකාශ කළේ.
මෙවර ITN FM කෝකිල වසන්තය අලුත් අවුරුදු සැණකෙළිය අනුරාධපුරය මයිලගස් හංදිය සිංහ කී‍්‍රඩාංගනයේදී අනිද්දා පැවැත්වෙනවා. තරග ඉසව් රැසක් සංවිධාන කර ඇති අතර වටිනා ත්‍යාග පිරිනැමීමටයි කටයුතු සංවිධාන කර තිබෙන්නේ. ITN FM කෝකිල වසන්තය බක්මහ කුමරා සහ කුමරිය සඳහා මෙවරත් විශේෂ ත්‍යාග පිරිනැමෙනවා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2019/04/57580380_10219353706664379_8439724695007264768_n.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2019/04/1.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2019/04/57106712_10219353705584352_8286590127149416448_n.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2019/04/57176887_10219353705984362_540506893873840128_n.jpg”]