හැටන් වටවල ප්රදේශයේදී වෑන් රථයක් ප්රපාතයකට පෙරළීමෙන් පුද්ගලයන් දස දෙනෙක් තුවාල ලැබුවා. ප්රතිකාර සඳහා ඔවුන් ඇතුලත් කර තිබෙන්නේ වටවල රෝහලට.
ඉන් බරපතල තත්වයේ පසුවූ හතර දෙනෙක් නාවලපිටිය රෝහලට මාරුකර යවා තිබෙනවා. වෑන් රථයේ කාර්මික දෝෂයක් හෝ රියදුරාට නින්දයාම හේතුවෙන් අනතුර සිදුව ඇති බවයි පොලීසිය පවසන්නේ.