පෘතුගාලයේ බස් රථ අනතුරකින් පුද්ගලයින් 29 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
පෘතුගාලයට අයත් මදීරා දූපතේයි මෙම බස් රථ අනතුර සිදුව තිබෙන්නේ. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ ජර්මන් ජාතික සංචාරකයින් 55 දෙනෙකු ගමන් කර තිබෙනවා. තවත් පුද්ගලයින් විසිහත් දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර කෙරුණා. බස් රථයේ අධික වේගය හේතුවෙන් රියදුරට රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් තිබෙනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්රියාත්මකයි.