fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වටවලදී වෑන් රථයක් පෙරළෙයි – 8ක් රෝහලේ

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 18, 2019 09:31

වටවලදී වෑන් රථයක් පෙරළෙයි – 8ක් රෝහලේ

ගාල්ලේ සිට හැටන් දක්වා ධාවනය වූ වෑන් රථයක් වටවල ප්‍රදේශයේදී අනතුරට පත්ව තිබෙනවා. අනතුරින් තුවාල ලැබූ 08 දෙනෙකු වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කෙරුණා.

ගාල්ලේ සිටි හැටන් දක්වා ධාවනය වූ වෑන් රථයකුයි මෙසේ අනතුරට පත් වුණේ. අනතුරට පත් වෑන් රථය හැටන් වටවල ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 10 ක පමණ ප්‍රපාතයකට පෙරළී තිබෙනවා.

රෝහල් ගත කළ අයගෙන් දෙදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සදහා නාවලපිටිය මූලික රෝහල වෙත මාරුකර යවා තිබෙනවා. ගාල්ල ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගී වී හැටන් බලා  පැමිණෙමින් සිටි පිරිසක් මෙසේ අනතුරට පත් වුණා. කාර්මික දෝෂයක් හෝ වෑන් රථයේ රියදුරාට නින්ද යාමෙන් මෙම අනතුර සිදු වී ඇති බවට වටවල පොලීසිය සැක පල කරනවා.

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 18, 2019 09:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්