fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නෝත්‍රදාම් යළි ගොඩනගන්න යුරෝපයම එක්වෙයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 17, 2019 16:18

නෝත්‍රදාම් යළි ගොඩනගන්න යුරෝපයම එක්වෙයි

ගිනි ගැනීමට ලක් වූ ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි නෝත්‍රදාම් දේවස්ථානය පෞරාණික මෙන්ම ආකර්ශණීය අයුරින් යළි ගොඩ නගන බවට ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් පොරොන්දු වී තිබෙනවා.

ප්‍රතිසංස්කරණ විශේෂඥයින් සදහන් කරන්නේ නෝත්‍රදාම් දේවස්ථානය නැවත ප්‍රතිසංස්කරණය කිරිම සදහා වසර 10 ක් හෝ 15 ක් ගතවනු ඇති බවයි.

ප්‍රංශයේ හදවත ලෙස සැළකෙන නෝත්‍රදාම් දේවස්ථානය ප්‍රංශ ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ඨත්වය පිළිඹිඹු කරන ලෝක පූජිත නිර්මාණයක්. මෙම දේවස්ථානයේ ඉදිකිරීම් ආරම්භ වී ඇත්තේ 7 වන ලුවිස් රජුගේ කාලයේදීයි. ප්‍රංශයට ආවේණික ගොතික් කලාවෙන් පරිපූර්ණ නෝත්‍රදාම් දේවස්ථානයේ ඉදිකිරීම් 1163 වසරේ ආරම්භ කර ඇති අතර ඒ සඳහා වසර 200 ක කාලයක් ගත වී ඇති බව සදහන්. වසර 850ක් පැරණි නෝත්‍රදාම් දේවස්ථානයේ වහලය සහ අහසට විහිදුණු ඊතලය වැනි කොටස ගින්නෙන් මුළුමණින්ම විනාශයට පත්වුණා. ක්‍රිස්තු වර්ෂ 1238 වසරේ ප්‍රංශයේ පාලකයාව සිටි නව වන ලුවිස් රජතුමා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ හිස පැළදි කටු ඔටුන්න ප්‍රංශයට රැගෙන ඒමෙන් අනතුරුව තැන්පත් කෙරුණේ මෙම දේවස්ථානයේයි. කටු ඔටුන්න ඇතුළු පෞරානික ශුද්ධ වස්තූන් සියල්ලම ගින්නෙන් බේරා ගැනීමට හැකිවුණා. ඒවා පැරිස් නුවර පිහිටි ලූවර් කෞතුකාගාරයේ තැන්පත් කිරීමට ප්‍රංශ බලධාරීන් පියවර ගත්තා. දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ දිනවල සිදුවන අතර ඊට පෙර එහි තිබූ පිත්තල ප්‍රතිමා 16 ක් වෙනත් ස්ථානයකට රැගෙන ගොස් ඇති බව සඳහන්. මෙම දේවස්ථානය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස ද නම්කර තිබෙනවා. ශුද්ධ සතිය ලෙස නම්කර ඇති මෙම සතියේදී දේවස්ථානයට සිදු වූ හානිය සිහිපත් කරමින් කිතුණු බැතිමතුන් අසළ දේවස්ථානයකදී විශේෂ දේව මෙහෙයක් පැවැත්වූවා.

දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ සදහා අරමුදලක් පිහිටුවා ඇති අතර ඒ සදහා ආධාර ලබා දීමට ලෝක ධනවතුන් රැසක් ඉදිරිපත්ව සිටිනවා. ඇමෙරිකාව ඩොලර් මිලියන 700 ක ආධාර මුදලක් ලබා දීමට කැමැත්ත පළ කළා. ගින්න තවත් පැය භාගයක පමණ කාලයක් පැතිරුනේ නම් දේවස්ථානයම විනාශ වීමට ඉඩ තිබු බවයි ප්‍රංශ බලධාරීන් සදහන් කරන්නේ. ගින්න සම්බන්ධයෙන් පරීක්ෂණ සදහා විශේෂඥයින් 50 දෙනෙකු එක්ව සිටිනවා. ඒ සදහා දින කිහිපයක කාලයක් ගතවනු ඇති.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 17, 2019 16:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්