Assassin’s Creed Unity එන නෝත්රේඩාම් 3D අනුරූපය ගින්නෙන් විනාශ වූ නෝත්රේඩාම් දෙව්මැඳුර යළි සැබෑ ලෙස ප්‍රතිනිර්මාණය කිරීමට උදව් වනවා.
විනාශ වූ ප්‍රදේශ නැවත නිර්මාණය කිරීම සඳහා ගෘහ නිර්මාණ ශිල්පීන් විසින් ගින්දර ඉදිරිපිට රූප පරීක්ෂා කරමින් සිටිනවා. ඒ හැකි පරිදි මුල් පිටපතට සමාන කිරීම සඳහා යි. බොහෝ ඡායාරූප සහ වීඩියෝ Assassin’s Creed Unity පරිගණක ක්‍රීඩාවේ එන අනුරුව සමඟ සංසන්ධනය කරමින් ද නෝත්රේඩාම් දෙව්මැඳුර යළි ගොඩනැගීම සිදුවනු ඇති.
Assassin’s Creed Unity 2014 වර්ෂයේදී එළිදැක්වුණු වික්‍රමාන්විත ක්‍රියාදාම සහිත පරිගණක ක්‍රීඩාවක්. Ubisoft Montreal සමාගම නිර්මාණය කළ මෙහි කතා පුවත ප්‍රභන්ධයක් වුවත් ප්‍රංශයේ වත්මන් ස්ථාන රැසක්ම අතීතයේ තිබූ අයුරින් නිර්මාණය කර එහි දර්ශන මැවීමට වසර ගණනකින් පසුව නිර්මාණකරුවන් සමත් වී තිබෙනවා. පරිගණක ක්‍රීඩාවේ එන විශාල ව්‍යුහයක් වන නෝත්රේඩාම් දෙව්මැඳුර කලා අංග සහිතව නිර්මාණය කිරීමටත් වසර 2කටත් වැඩි කාලයක් ගතවී ඇති බව සඳහන්.
මේ අනුව නෝත්රේඩාම් දෙව්මැඳුර බලාපොරොත්තු වූවාට වඩා ඉක්මනින් යළි ගොඩනඟනු ඇත.
Video : Assassin’s’ Creed Unity (Game)
https://www.facebook.com/itnnews.lk/videos/401584167091049/