ශ්‍රී ලංකාවේ සියලුම අංශ ආවරණය වන පරිදි ආර්ථික වර්ධනයක් සිදුව ඇති බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජීය කවුන්සිලයේ පැවති හමුවකදී ප්‍රකාශ කළා.
එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන මගින් තරුණ ව්‍යවසායකයින් ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් නගා සිටුවීමට කටයුතු කළ බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා. ශ්‍රී ලංකාව මුහුණපා ඇති අභියෝග හමුවේ ස්ථාවර ආර්ථික වර්ධනයක් අරමුණු කරගනිමින් 2019 අයවැය සදහා යෝජනා ඉදිරිපත් කළ බවද පවතින අභියෝග හමුවේ ශක්තිමත් ආර්ථිකයක් කරා ඉදිරියට යාමේ ජාත්‍යන්තර සහයෝගය අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා කියා සිටියා. යුනිසෙෆ් ආයතනයේ විධායක අධ්යක්ෂ හෙන්රිඒටා එච්ෆෝරේ ද හමු වූ මංගල සමරවීර මහතා මූල් ළමාවිය සංවර්ධනය සදහා වන මුල්‍යමය ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කළා. මේ අතර රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා වොෂින්ටන් නුවර පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡාවකට සහභාගී වුණා. එහිදී ශ්‍රී ලංකාව අත්පත් කර ගෙන ඇති ආර්ථික වර්ධනය සම්බන්ධයෙන් ඒ මහතා කරුණු පැහැදිලි කළා. කාලගුණික විපර්යාසවලින් අපහසුතාවට පත් ගොවීන් නගා සිටුවීමේ ව්‍යාපෘතියක් සදහා ලෝක බැංකුව සමඟ ගිවිසුමක් ද මෙහිදී අත්සන් තැබුණා. මෙම ගිවිසුම යටතේ ඇමෙරිකා ඩොලර් මිලියන 125ක ආධාර මුදලක් ලැබෙනු ඇති.