fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පහසුකම් පුළුල් කිරීමට රියාල් මිලියන 188 ක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 17, 2019 14:46

සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පහසුකම් පුළුල් කිරීමට රියාල් මිලියන 188 ක්

සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පහසුකම් පුළුල් කිරීමට සෞදි අරාබි රජය මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට එකගවී තිබෙනවා. ඒ අනුව සෞදි අරාබිය රියාල් මිලියන 188 ක මුදලක් ලබාදීමට නියමිතයි.

සෞදි අරාබිය සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට අවශ්‍ය පහසුකම් ලබාදීමේ ව්‍යාපෘතිය යටතේ ගොඩනැගිලි පහසුකම්වලට අමතරව පහසුකම් රැසක් ලබාදීමට නියමිතයි. මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ පහසුකම් ඉහළ නැංවීමේ රජයේ ප්‍රතිපත්තියට අනුව ඊට සහාය පළකිරීමක් ලෙස සෞදි අරාබිය මෙම මුදල් පරිත්‍යාග කරනවා. ලොව සෙසු රටවල වෛද්‍ය පීඨවලට සමානව මෙරට සිසුන්ට ලබාදෙන පහසුකම් පුළුල් කිරීම ද මෙම ව්‍යාපෘතියේ අරමුණක් වනවා. මෙම මුදල් පරිත්‍යාග කිරීමට අදාළව සාකච්ඡා කිරීම සදහා සෞදි අරාබි රජය නියෝජනය කරමින් දූත පිරිසක් මෙරටට පැමිණියා. මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර් එච් එස් සමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡා පැවැත්වුණා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 17, 2019 14:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්