fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කින්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායමට ලකුණු 12 ක තියුණු ජයක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 17, 2019 14:14

කින්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායමට ලකුණු 12 ක තියුණු ජයක්

ඉන්දිය ප්‍රමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමග පැවති තරගයෙන් ලකුණු 12 ක තියුණු ජයක් වාර්තා කිරීමට කින්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායම සමත් වුණා.

මොහාලේහි පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමතීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි කින්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු හයක් දැවී ලකුණු 182 ක් ලබා ගත්තා. ලොකේෂ් රාහුල් ලකුණු 52යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජස්ථාන් රෝයල් කණ්ඩායමේ පිතිකරුවන්ට රිසි සේ ලකුණු ලබා ගැනීමට හැකිවූයේ නැහැ. මේ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු හතක් දැවී ඔවුන්ට ලබාගත හැකි වූයේ ලකුණු 170 ක් පමණයි.

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 17, 2019 14:14

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්