fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොලරාඩෝ ප‍්‍රාන්තයේ පාසල් තාවකාලිකව වසාදැමේ

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 17, 2019 16:19

කොලරාඩෝ ප‍්‍රාන්තයේ  පාසල් තාවකාලිකව වසාදැමේ

ඇමරිකාවේ කොලරාඩෝ ප‍්‍රාන්තයේ ඩෙන්වර් නගරයේ සියලු පාසල් තාවකාලිකව වසාදැමීමට බලධාරින් කටයුතු කළා. ඒ ආයුධ සන්නද්ධ කාන්තාවක් සෙවීමේ මෙහෙයුමක් හේතුවෙන්.

1999 කොලොම්බියාවේ උසස් පාසලක සිදුවූ සමුල ඝාතනයට ලබන සෙනසුරාදාට වසර විස්සක් සම්පුර්ණ වනවා. ඊට සම්බන්ධ කාන්තාවක නියාමි සිට ඩෙන්වර් ප‍්‍රදේශයට පැමිණ ඇති බවටයි තොරතුරු හෙලිවුණේ. ඇය එම ප‍්‍රදේශයේ පාසල්වලට තර්ජනයක් වනු ඇති බවයි ඇමරිකා ආරක්ෂක අංශ පෙන්වා දුන්නේ. ඒ අනුව පාසල් වසා දමා නගරයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක‍්‍රියාත්මක කිරිමට බලධාරින් තීරණය කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 17, 2019 16:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්