23 වන ආසියා මලල ක්‍රීඩා ශූරතාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පුහුණු සැසියට අද එක් වුනා.
රටවල් හතළිස් දෙකක් එක්වන තරගාවලිය දෝහා කටාර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකාවෙන් ඊට ක්‍රීඩකයින් අට දෙනෙකු හා ක්‍රීඩිකාවන් හත්දෙනෙකු එක්වනවා. ඔවුන් අවසන් පුහුණු සැසියට අද ටොරින්ටන් ක්‍රීඩාපිටියේදී එක් වුණා. මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකාව පදක්කම් පහක් බලාපොරොත්තු වනවා. මෙම තරගාවලිය ලබන 21 වනදා සිට පැවැත්වෙන අතර ඊට සමගාමීව ආසියා මලල ක්‍රීඩා සංගමයේ නිලවරණයද පැවැත්වෙනු ඇති.