කැරිබියන් දූපතේ බන්ධනාගාරගතව සිටි වෙනිසියුලා සිරකරුවන් 65 දෙනෙක් පළාගොස් තිබෙනවා.
ඉන් පස් දෙනෙකු යළිත් අත්අඩංගුවට ගත් බවයි බලධාරින් පවසන්නේ. එහි රඳවා සිටි පුද්ගලයන්ගේ සංඛ්‍යාව 159ක්. වෙනිසියුලාවේ බන්ධනාගාරවල මෙවැනි සිදුවීම් වරින් වර වාර්තා වන බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ. බන්ධනාගාර නිලධාරින් දූෂිත වීම හා ඔවුන්ට අඩු පුහුණුවක් ලැබීමත් ඊට ප්‍රධාන හේතුවක්.