fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ චාරිත්‍රය අද

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 17, 2019 08:48

අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ චාරිත්‍රය අද

හිසතෙල්ගෑමේ ජාතික මහෝත්සවය කළුතර බෝම්බුවල ශ්‍රී සුබෝධිරාජාරාම මුලස්ථාන මහා විහාර භූමියේදී පැවැත්වුණා.

සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යාංශය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව ඒකාබද්ධවයි මෙම ජාතික මහෝත්සවය සංවිධාන කර තිබුණේ. පෙරවරු 7.40ට යෙදුන සුබමොහොතින් නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත්ද පයට කොලොන්පත් ද තබා පලාවන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී කොහොඹ පත් යුෂ  මිශ්‍ර නානු ද ගා  ස්නානය කිරීම යහපත් බව ජ්‍යෙතිෂ්‍යයේ දක්වා තිබුණා. ඒ අනුව එම චාරිත්‍රවලට මුල්තැන දෙමිනුයි හිසතෙල් ගෑමේ උත්සවය පැවැත්වුණේ. අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ද හිසතෙල්ගෑමේ ජාතික මහෝත්සවයට එක්වුණා.

මේ අතර ITN මාධ්‍ය ජාලය හිසතෙල් ගෑමේ මංගල්‍යය සජීව ලෙස විකාශය කෙරුණ් වික්‍රමසිංහපුර ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ සිටයි. රාජ්‍ය ව්‍යසාය හා මහනුවර සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් හරිත උඩරට බක්මහ උළෙල අද දවස පුරා මහනුවර ගැටඹේ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ඊට සමගාමීව සංවිධාන කළ හිසතෙල් ගෑමේ උත්සවය ගන්නෝරුව රජමහා විහාරස්ථානයේදී පැවැත්වුණේ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙන්.     

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 17, 2019 08:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2019

logo