fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෝටර් ක්‍රොස් 2019 ජයග්‍රාහකයින්ට අගමැති අතින් ජය සංකේත

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 16, 2019 18:16

මෝටර් ක්‍රොස් 2019 ජයග්‍රාහකයින්ට අගමැති අතින් ජය සංකේත

මෝටර් ක්‍රොස් 2019 යතුරුපැදි ධාවන තරගාවලියේ ජය සංකේත ප්‍රදානය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

නුවරඑළිය මෝටර් රේසිං සමාජය 17 වන වරටයි තරගාවලිය සංවිධාන කළේ. නුවරඑළිය ග්‍රෙගරි වැව ඉස්මත්තේ පිහිටි නව ධාවන පථයේදී එය පැවැත්වුණා. තරග ආරම්භක සංඥාව ලබා දුන්නේ ද අග්‍රාමාත්‍යවරයායි.

අනතුරුව ජය සංකේත ප්‍රදානයට එක්වූ අග්‍රාමාත්‍යවරයා එම ධාවන පථයේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය පියවර ගන්නා බව ද ප්‍රකාශ කළා.

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාලිත රංගේ බණ්ඩාර, කාවින්ද ජයවර්ධන, නුවරඑළිය නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 16, 2019 18:16

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්