fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හිසතෙල් ගෑමේ ජාතික මහෝත්සවය හෙට කළුතරදී

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 16, 2019 18:01

හිසතෙල් ගෑමේ ජාතික මහෝත්සවය හෙට කළුතරදී

අලුත් අවුරුද්ද වෙනුවෙන් හිස තෙල් ගෑමේ නැකත හෙටට යෙදී තිබෙනවා. රැකී රක්ෂා සදහා පිටත්ව යාමේ නැකත යෙදී තිබෙන්නේ අනිද්දාටයි.

හිසතෙල්ගෑමේ ජාතික මහෝත්සවය කළුතර බෝම්බුවල ශ්‍රී සුබෝධිරාජාරාම මුලස්ථාන මහා විහාර භූමියේදී පැවැත්විමටයි කටයුතු යොදා තිබෙන්නේ. සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යාංශය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මෙම ජාතික මහෝත්සවය සංවිධාන කරනවා. හෙට පෙරවරු 7.40ට යෙදෙන සුබමොහොතින් නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත්ද පයට කොලොන්පත් ද තබා පලාවන්  පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී කොහොඹ පත් යුෂ  මිශ්‍ර නානු ද ගා  ස්නානය කිරීම යහපත් බව ජ්‍යෙතිෂ්‍යයේ සදහන්.

අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ද හිසතෙල්ගෑමේ ජාතික මහෝත්සවයට එක්වනවා. විහාරාධිපති කළුතර දෙපළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය හල්වතුරේ අස්සජී ස්වාමින්වහන්සේ ආගමික වතාවත් සිදු කිරිමට නියමිතයි. හිසතෙල් ගෑමේ චාරිත්‍රය නිවැරදිව ඉටු කරමින් නීරෝගී බව ප්‍රාර්ථනා කිරීම ඉපැරණි සම්ප්‍රදායයි.

මේ අතර අලුත් අවුරුද්දේ  රැකීරක්ෂා සදහා පිටත්ව යාමේ නැකත යෙදි තිබෙන්නේ අප්‍රේල් 18 වන බ්‍රහස්පතින්දා පෙරවරු 4.52ටයි. නැගෙනහිර දිශාව බලා පලාවන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී හකුරු සහ තල මිශ්‍ර කිරිබතක් අනුභව කර රැකී රක්ෂා සදහා පිටත්ව යාම සුදුසු බවයි ජ්‍යෙතිෂ්‍යයේ සඳහන් වන්නේ. නව වසරේ රැකි රක්‍ෂා කටයුතු සාර්ථකවී සෞභාග්‍ය උදා වේවායි ප්‍රාර්ථනා කරමින් මෙම චාරිත්‍රය ඉටු කිරීම සිදුකෙරෙවා.

මේ අතර ITN මාධ්‍ය ජාලය හිසතෙල් ගෑමේ මංගල්‍යය සජීව ලෙස විකාශය කරන්නේ  වික්‍රමසිංහපුර ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ සිටයි.    

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 16, 2019 18:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්