උත්සව සමයේ ලංකා ගමනාගමන මණ්ඩලය දිනකට රුපියල් මිලියන සියය ඉක්මවූ වාර්තාගත ආදායමක් ලබා ඇති බව එම මණ්ඩලයේ සභාපති උපාලි මාරසිංහ මහතා පවසනවා.
අලුත් අවුරුද්දට ගම්බිම් බලා ගිය ජනතාවට යළි රැකියා ස්ථාන කරා පැමිණිමට අවශ්‍ය විශේෂ ප්‍රවාහන පහසුකම් මේ වන විට ක්‍රියාත්මකයි. දිවයිනේ සෑම ප්‍රධාන නගරයකම සිට කොළඹ බලා විශේෂ බස් හා දුම්රිය සේවා ක්‍රියාත්මකයි.
ප්‍රධාන නගරවල මෙන්ම අධිවේගී මාර්ගවල ද අමතර බස් සේවා ක්‍රියාත්මකව පවතිනවා. ඒ හේතුවෙන් රැකියා සදහා කොළඹට පැමිණෙන ජනතාවට බාධාවකින් තොරව සිය ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගැනිමට අවස්ථාව සලසා දී තිබෙනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/3wjo4Ls0g6g”]
මේ අතර අලුත් අවුරුද්දට ගමබිම් බලා ගිය ජනතාව වෙනුවෙන් දුර ගමන් සේවා සාර්ථකව ක්‍රියාත්මක බව ගාල්ල, මාතර, අනුරාධපුර, පොලොන්නරුව ආදි දුරබැහැර පළාත්වල වාර්තාකරුවන් අප වෙත ප්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් මගී ජනතාවද ප්‍රසාදය පළ කරනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/DRTSI7BxO_w”]