චුන්නාකම් කුප්පිලාන් දකුණ ප්රදේශයේදී අකුණුසැර වැදීමෙන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
වර්ෂාව පවතින අවස්ථාවේ තම වගා භූමියේ මඩුවක රැඳී සිටියදීයි මොවුන් ජීවිතක්ෂයට පත්වුණේ. වයස අවුරුදු 49 ක් වන පිරිමි පුද්ගලයෙකු සහ 38 හා 55 යන වයස්වල පසුවන කාන්තාවන් දෙදෙනෙකු මේ අතර වනවා. ඔවුන් කුප්පිලාන් දකුණ ප්රදේශයේ පදිංචිකරුවන්. චුන්නාකම් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වනවා.