fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වියානා ඇල බැම්ම මතදී සිදුවූ රිය අනතුරකින් 5 කට තුවාල

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 16, 2019 16:07

වියානා ඇල බැම්ම මතදී සිදුවූ රිය අනතුරකින් 5 කට තුවාල

මහියංගන වියානා ඇල බැම්ම මතදී මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලැබුවා. වියානා ඇල අසල ලොග්ගල් හන්දිය ප්‍රදේශයේදීයි අනතුර සිදුවුණේ.

බදුල්ල සිට මහියංගනය දක්වා ධාවනය වූ මෝටර් රථයකුයි මෙසේ අනතුරට ලක්වුණේ. වියානා ඇල වේල්ල මතින් ගමන් කරමින් සිටියදී ලොග්ගල් හන්දිය අසලදී පාරෙන් ඉවතට පැන මෝටර් රථය මීටර 200ක් පමණ ඈතට විසිවී තිබෙනවා. අනතුරින් මෝටර් රථයේ ගමන් ගත් පස් දෙනෙකු තුවාල ලැබුවා. ඔවුන් මහියංගනය මූලික රෝහලට ඇතුළත් කෙරුණා. වියානා ඇල මාර්ගය අනතුරු සහිත බවට මාධ්‍ය මගින් නිරන්තරයෙන් දැනුවත් කෙරුණා. මාර්ගයේ දැන්වීම් පුවරු මෙන්ම වේග සීමා ප්‍රදර්ශනය කර තිබියදීත් රියදුරන්ගේ නොසැලකිලිමත්කමින් මෙවැනි අනතුරු සිදුවන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 16, 2019 16:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්