යුනෙස්කෝ සංවිධානයේ විධායක සභාව ප්‍රංශයේ පැරිස් නුවරදී රැස්වුණා. ශ්‍රී ලංකාව වෙනුවෙන් එය නියෝජනය කළේ මෙරට යුනෙස්කෝ සභාපති සහ විධායක කමිටු සාමාජික අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතායි.
අධ්‍යාපන ක්ෂේත්රයේ උන්නතිය වෙනුවෙන් රජය ගෙන යන සාධනීය පියවර පිළිබඳ විධායක සභාවේ ප්‍රසාදය පළ වුණා. යුනෙස්කෝ සංවිධානයේ 206 වන විධායක මණ්ඩල රැස්වීම ආරම්භ කරමින් එම සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ඔඩ්රි අසූලේ මහත්මිය අදහස් පළ කළා. කාන්තාවන්ගේ හා ගැහැණු දරුවන්ගේ අධ්‍යාපනය,මාධ්‍ය නිදහස හා ප්‍රචණ්ඩකාරී අන්තවාදයට එරෙහිව සටන් කිරීම යන කරුණු පිළිබඳ මෙහිදී අවධානය යොමු කෙරුණා. 21 වන සියවසේ අභියෝගවලට සාර්ථකව මුහුණ දීම හා අධ්‍යාපනය හැදෑරීමේ වැදගත්කම ද මෙහිදී සාකච්ඡා කෙරුණා.