ලන්ඩන් නුවර පැවති විරෝධතාවකදි පුද්ගලයන් 113 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. දේශගුණික විපර්යාස පාලනය කිරීම සදහා කාබන් විමෝචනය අඩුකිිරිමට එරට රජය ගෙන ඇති ක්‍රියාමාර්ගවලට එරෙහිවයි උද්ඝෝෂණය පැවැත්වුණේ.
වෝටර්ලු පාලම සහ පාර්ලිමේන්තු චතුරස්‍රය අවහිර කරමින් උද්ඝෝෂණය පැවති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ. ඒ හේතුවෙන් මාර්ගවල රථවාහන ධාවනයට ද බාධා මතුවුණා. කෙසේවෙතත් රටවල් 33 ක නගර 80 කට වැඩි ගණනක විරෝධතාව පැවැත්වීමට කටයුතු කරන බවයි උද්ඝෝෂකයන් සදහන් කර ඇත්තේ.