fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වී මිළදී ගැනිමේ සියලු ගබඩා හෙට සිට යළි විවෘතයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 16, 2019 12:01

වී මිළදී ගැනිමේ සියලු ගබඩා හෙට සිට යළි විවෘතයි

වී මිලදී ගැනීමේ වැඩපිළිවලෙ වෙනුවෙන් ජංගම මිලදී ගැනීමේ මධ්‍යස්ථාන පිහිටුවීමට පියවර ගන්නා බව වී අලෙවි මණ්ඩලය පවසනවා. මිලදී ගැනීමේ වැඩපිළිවෙල සදහා සියලු ගබඩා හෙට සිට විවෘතව තැබීමටද නියමිතයි.

වී මිලදී ගැනීමේ වැඩපිළිවෙල සදහා හෙට සිට මාසයක කාලයක් ගබඩා විවෘතව තැබෙන බව වී අලෙවි මණ්ඩලය පවසනවා. ගොවි ජනතාවට කිසිදු අපහසුතාවකින් තොරව වී මිලදී ගැනීමේ මධ්‍යස්ථානකය වෙත වී තොග ලබා දීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙනවා. එම කාලය තුළ අවශ්‍ය වුවහොත් ජංගම මිලදී ගැනීමේ මධ්‍යස්ථාන විවෘත කිරීමටද නියමිතයි.

උත්සව සමයෙන් පසු  මිලදී ගන්නා වී තොග සහල් බවට පත් කිරීමේ ක්‍රියාවලියද ආරම්භ කෙරෙනවා.ඒ සදහා අවශ්‍ය සැළසුම් සකස් කර ඇති බවයි වී අලෙවි මණ්ඩලය පවසන්නේ. පසුගිය කාලය පුරා සෘජු ලෙස එම කටයුතු සිදු කිරීම වී අලෙවි මණ්ඩලය මැදිහත් නොවීම මත පාරිභෝගික ජනතාවට ගැටළුවලට මුහුණ දීමට සිදු වූණා. වී අලෙවි මණ්ඩලය මීලදී ගන්නා වී තොග සහල් බවට පත් කිරීමේ වැඩපිළිවෙල තුළින් පාරිභෝගික ජනතාවට සහන රැසක් ලබාදීමට හැකි වනවා.

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 16, 2019 12:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්