fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගමට ගිය ජනතාවට යළි කොළඹට එන්නට විශේෂ ප්‍රවාහන සේවා

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 16, 2019 10:07

ගමට ගිය ජනතාවට යළි කොළඹට එන්නට විශේෂ ප්‍රවාහන සේවා

අලුත් අවුරුද්දට ගම්බිම් බලා පැමිණි ජනතාවට යළි රැකියා ස්ථාන කරා පැමිණිමට අවශ්‍ය විශේෂ ප්‍රවාහන පහසුකම් මේ වන විට ක්‍රියාත්මකයි. දිවයිනේ සෑම ප්‍රධාන නගරයකින්ම පාහේ කොළඹ බලා විශේෂ බස් හා දුම්රිය සේවා ක්‍රියාත්මක බවයි අප වාර්තාකරුවන් සදහන් කරන්නේ.

ප්‍රධාන නගරවල සිට මෙන්ම අධිවේගී මාර්ගයන්හිදිද අමතර බස් සේවා ක්‍රියාත්මකව පවතිනවා. ඒ හේතුවෙන් රැකි රක්ෂා කටයුතු සදහා කොළඹට පැමිණෙන ජනතාවට කරදරයකින් තොරව සිය ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගැනිමට අවස්ථාව සලසා ඇති බවයි අදාළ බළධාරින් පවසන්නේ.

සදීෂ දිලුක්ෂ – ලංගම කාලසටහන් හා සැලසුම් කළමනාකාර,

මේ අතර අලුත් අවුරුද්දට ගමබිම් බලා ගිය ජනතාව වෙනුවෙන් දුර ගමන් සේවා සාර්ථකව ක්‍රියාත්මක බව ගාල්ල, මාතර, අනුරාධපුර , පොලොන්නරුව ආදි දුරබැහැර පළාත්වල වාර්තාකරුවන් අප වෙත ප්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් මගී ජනතාවද ප්‍රසාදය පළ කරනවා.

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 16, 2019 10:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්