ඉක්වදෝරයට සයිබර් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. ඒ හේතුවෙන් ඇමරිකාව, ප්‍රංශය සහ ඔස්ටේ්රලියාව ඇතුළු රටවල් කිහිපයකට ද ගැටළු මතුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
සයිබර් ප්‍රහාරය හේතුවෙන් අත්‍යවශ්‍ය ලිපි ලේඛණ විනාශ වී ඇත්ද යන්න පිළිබඳ විමර්ශනය කරන බව ඉක්වදෝරය පවසනවා. විකිලික්ස් නිර්මාතෘ ජුලියන් අසාජ් අත්අඩංගුවට ගැනීමෙන් පසු අවස්ථා ගණනාවකදී එරටට සයිබර් ප්‍රහාර එල්ලවුණා. විකිලික්ස් නිර්මාතෘවරයා පසුගියදා අත්අඩංගුවට පත්වුණේ ඉක්වදෝර තානාපතිි කාර්යාලයේදීයි.