ඉන්දිය ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමග පැවති තරගය කඩුලු 05කින් ජයග්රහණය කිරිමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා.
මුම්බාහිදි පැවති තරගයේ කාසියේ වාසිය දිනු මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පළමුව පන්දු රැකිමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවි ලකුණු 171 ලබා ගත්තා. බැංගලෝර් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ඒ බී ඩීවිලියස් ලකුණු 75ක් ලබා ගත්තා. විශිෂ්ට පන්දු යැවිමක නිරත වුණු ලසිත් මාලිංග ලකුණු 31කදී කඩුලු 04ක් දවා ගත්තා. ජයග්රහනය සදහා ලකුණු 172ක ඉලක්කයක් හඹා ගිය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 19ක් අවසානයේ කඩුලු 05ක් පමණක් දැවි එම ඉලක්කය පසු කළා.