fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විදුලිය බිඳ වැටුණු ප‍්‍රදේශවල සැපයුම තවත් පැය කිහිපයකින් යථා තත්ත්වයට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 16, 2019 09:17

විදුලිය බිඳ වැටුණු ප‍්‍රදේශවල සැපයුම තවත් පැය කිහිපයකින් යථා තත්ත්වයට

රැහැන් මතට ගස් කඩා වැටීමෙන් ප‍්‍රදේශ රැසකට විසංධි වු විදුලි සැපයුම කඩිනමින් යථා තත්ත්වයට පත්කරන බව විදුලි බල අමාත්‍යංශය සඳහන් කළා.

ඊයේ පස්වරු හයට පමණ ඇති වූ සුළං තත්ත්වයක බලපෑමෙන් විදුලි සැපයුමට බාධා මතුවුණේ බස්නාහිර පළාතේ ප‍්‍රදේශ කිහිපයකටයි. කොට්ටාව, හෝමාගම, පන්නිපිටිය, පාදුක්ක, හොරණ, අවිස්සාවේල්ල සහ මීපේ ප‍්‍රදේශ ඊට අයත්. ඉන් ප‍්‍රදේශ කිහිපයකම විදුලි සැපයුම ඊයේ රාත‍්‍රියේදීම යථා තත්ත්වයට පත්කෙරුණා. විදුලිය විසංධි වී තිබෙන සෙසු ප‍්‍රදේශවලටද විදුලිබල මණ්ඩලයේ සේවකයන් යොමුකර ඇති බවයි විදුලිබල අමාත්‍යංශයේ මාධ්‍ය ප‍්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ.

විදුලි සැපයුම විසංධි වී තිබෙන ප‍්‍රදේශවල සැපයුම අද දහවල් වනවිට යථා තත්ත්වයට පත්කිරිමට කටයුතු කරන බවයි සුලක්ෂණ ජයවර්ධන මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 16, 2019 09:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්