fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ත්‍රී රෝද රථ අනතුරකින් එකම පවුලේ දෙදෙනෙක් ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 16, 2019 08:40

ත්‍රී රෝද රථ අනතුරකින් එකම පවුලේ දෙදෙනෙක් ජීවිතක්ෂයට

කොලොන්න සූරියකන්ද ඇඹිලිපිටිය මාර්ගයේදී ත්‍රී රෝද රථයක් අනතුරට ලක් වීමෙන් එකම පවුල් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

සූරියකන්ද ඇඹිලිපිටිය මාර්ගයේ 16 කණුව ප්‍රදේශයේදීයී අනතුර සිදු වු‍ණේ. සූරියකන්ද දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන දුරකතන රැහැන් කණුවක ගැටීමෙනුයි අනතුර සිදු වුණේ. අනතුරෙන් තුවාල ලැබූ ත්‍රී රෝද රථයේ රියදුරු, එකම පවුලේ පියා, මව සහ දියණිය තුවාල ලබා කොලොන්න රෝහලට ඇතුළත් කෙරුණා. එහිදී මව සහ  පියා ජීවිතක්ෂයට පත් වූ බවයි රෝහල් වාර්තා සදහන් කළේ. මේ අතර හොරණ මතුගම මාර්ගයේ  පහල කරන්නාගොඩ මාර්ගයේ සිදු වූ අනතුරකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත් වුණා. යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙනුයි අනතුර සිදු වුණේ. රුවන්වැල්ල සහ මාවතගම ප්‍රදේශවලදීද සිදු වූ අනතුරුවලින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 16, 2019 08:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්