fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලන්ඩනයේදී අත්අඩංගුවට ගත්  ශ්‍රී ලාංකිකයන් හතරදෙනා මුදා හැරේ

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 16, 2019 08:35

ලන්ඩනයේදී අත්අඩංගුවට ගත්  ශ්‍රී ලාංකිකයන් හතරදෙනා මුදා හැරේ

තහනම් සංවිධානයකට සම්බන්ධ යැයි සැකපිට ලන්ඩනයේදී අත්අඩංගුවට ගත්  ශ්‍රී ලාංකිකයන් හතරදෙනා මුදා හැර තිබෙනවා.

පසුගිය දහවෙනිදා රාත්‍රියේ ලන්ඩනයේ ලූටන් ගුවන්තොටුපලට පැමිණි අවස්ථාවේදීයි ලන්ඩන් පොලිසිය ඔවුන් අත්අඩංගුවට ගෙන  ඇත්තේ. 2000 වසරේ ත්‍රස්ත විමර්ශන පනතේ එකොලොස්වෙනි වගන්තියට පටහැනි තහනම් සංවිධානයක් ඔවුන් නියෝජනය කරන බවයි ලන්ඩනයේ මෙට්‍රෝපොලිටන් පොලිසිය  සදහන් කරන්නේ. ඒ අනුව ඔවුන් පොලිස් සහ අපරාධ පරික්ෂණ පනත යටතේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් හතරදෙනා පොලිසිය රදවාගෙන ප්‍රශ්න කිරිමෙන් අනතුරුව මුදා හැර ඇති බවයි  ලන්ඩනයෙන් ලැබෙන වාර්තා සදහන් කරන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 16, 2019 08:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්