fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දීය මැතිවරණයේ ප‍්‍රබලයෙකු වූ රාහුල් ඩ්‍රාවිඩ්ට සිය ඡන්දය අහිමි වෙයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 15, 2019 16:47

ඉන්දීය මැතිවරණයේ ප‍්‍රබලයෙකු වූ රාහුල් ඩ්‍රාවිඩ්ට සිය ඡන්දය අහිමි වෙයි

ඉන්දීය මහ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රබල සාමාජිකයෙකු වූ, හිටපු ක්‍රිකට් ක්‍රීඩක රාහුල් ඩ්‍රාවිඩ්ට සිය ඡන්දය භාවිත කිරීමේ අවස්ථාව අහිමි වුණා.

රාහුල් ඩ්‍රාවිඩ් ඉන්දීය මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට ජනතාව පෙළඹවීමේ ව්‍යාපාරයේ ඉදිරිපෙළ සාමාජිකයෙක්. එහෙත් ඔහුගේ ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව අහිමි වූයේ ඡන්ද නාම ලේඛනයේ නම ඇතුළත් නොකිරීම හේතුවෙන්. සිය පදිංචිය වෙනස් කළ පසු ඡන්ද නාමලේඛනයට නම ඇතුළත් කර ගැනීමට ඔහු කටයුතු කර තිබුණේ නැහැ. මේ අතර ඉන්දියාවේ උත්තර්ප්‍රදේශ් ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරුන් දෙදෙනෙකු වන භාරතීය ජනතා පක්ෂයේ ආධිත්‍යනාත්ටත් බහුජන් සමාජ් පක්ෂයේ මායාවතීටත් මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට සම්බන්ධ වීම වළකාලමින් ඉන්දීය මැතිවරණ කොමිසම තාවකාලික තහනමක් පනවා තිබෙනවා. ඒ ඔවුන් මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ ප්‍රකාශ සිදුකර ඇති බැවින්.

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 15, 2019 16:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්