මාන්තෙයි ලුණු සමාගමේ අලිමංකඩ ලුණු ලේවාය මේ වසරේ මෙට්‍රික් ටොන් දහඅටදහසක ඉලක්කයක් සාර්ථකව සපුරා ගනිමින් සිටිනවා.
මාන්තෙයි ලුණු සමාගම පසුගිය වසර දෙකේ ද මෙට්‍රික් ටොන් දහඅට දහස බැගින් වාර්ෂික ඉලක්ක සපුරා ගනු ලැබුවා. වියළි කාලගුණයත් සමග මේ වන විට එහි අස්වනු නෙලීමේ සමය උදාවී තිබෙනවා. සේවක සේවකයින් රැසක් ඒ සදහා දායක වී සිටිනවා. දිවයිනේ සෙසු ලේවායන් ද ඇතුළුව දැනට වාර්ෂිකව මෙරට නිශ්පාදනය කෙරෙන ලුණු ප්‍රමාණය මෙට්‍රික් ටොන් එක්ලක්ෂ හැට දහසක්. මාන්තෙයි ලුණු සමාගමේ ඉලක්කය දෙදහස් විසිහතර වන විට ශ්‍රී ලංකාවේ ලුණු අවශ්‍යතාව සම්පූර්ණ කිරීමයි. ඒ සදහා අලිමංකඩ තවත් ලුණු ලේවායක් ආරම්භ කිරීමට ද රජය සැලසුම් කර ඇති බව මාන්තෙයි ලුණු සමාගමේ සභාපති එම් එම් අමීන් මහතා පවසනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/0hQ9xL2knGg”]
මේ වන විට අලිමංකඩ ලුණු ලේවායෙහි සේවකයින් 250 ක් පමණ සේවයේ නියුතුව සිටිනවා. තමන්ට රැකියා අවස්ථා හිමිවීමෙන් ඉමහත් සතුටට පත්ව සිටින බවයි ඔවුන් පවසන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/HRb_8rItw4g”]