fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට ඉන්දීය ආරක්ෂක අංශ ද මෙරට ආරක්ෂක අංශ සමග එක්වෙයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 15, 2019 11:39

මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට ඉන්දීය ආරක්ෂක අංශ ද මෙරට ආරක්ෂක අංශ සමග එක්වෙයි

මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට මෙරට ආරක්ෂක අංශ මෙන්ම ඉන්දීය ආරක්ෂක අංශ ද එක්ව සිටිනවා. ඉන්දීය මුහුදු සීමාවේදී මත්ද්‍රව්‍ය තොගයක් සමග ඉරාන ජාතිකයන් නව දෙනෙකු ඊයේ අත්අඩංගුවට පත්වුණා.

ඉන්දීය මුහුදු සීමාවේදී ඊයේ අත්අඩංගුවට ගැනුනු හෙරොයින් ප්‍රමාණය කිලෝ ග්‍රෑම් සියයකට අධික බවයි ඉන්දීය පොලිසිය පවසන්නේ. එහි වටිනාකම ඉන්දීය රුපියල් කෝටි පන්සීය ඉක්මවන බව එරට මාධ්‍ය වාර්තා කරනවා. ඉන්දීය ආරක්ෂක අංශ දුටු ඉරාන ජාතිකයන් සාක්ෂි විනාශ කිරීමේ අරමුණෙන් ඔවුන් ගමන්කරමින් සිටි යාත්‍රාවට ගිනි තබා තිබෙනවා. වහා ක්‍රියාත්මක වූ වෙරළාරක්ෂක බලකායේ නිලධාරීන් යාත්‍රාව තුළ තිබූ හෙරොයින් සහ සැකකරුවන් අත්අඩංගුවට ගත් බව ඉන්දීය මාධ්‍යවල සදහන්.

මේ අතර හෙරොයින් ප්‍රවාහනය කර තිබූ යාත්‍රාවක් සමග ඉරාන ජාතිකයන් නව දෙනෙකු පසුගිය 24 වනදා ශ්‍රී ලංකා මුහුදු තීරයේ දීද අත්අඩංගුවට ගැනුණා. නාවික හමුදාව සහ පොලිසිය එම වැටලීම සිදුකළේ දකුණු මුහුදු තීරයේදීයි. එහි තිබී අත්අඩංගුවට ගත් හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 107ක්.

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 15, 2019 11:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්