වී මිලදී ගැනීම සඳහා සියලු ගබඩා අනිද්දා සිට යළි විවෘත කරන බව වී අලෙවි මණ්ඩලය ප්රකාශ කළා. එතැන් සිට මාසයක කාලයක් අඛණ්ඩව ගබඩා විවෘත කර තබන බවයි වී අළෙවි මණ්ඩලයේ සභාපති කස්තුරි අනුරාධනායක මහතා සඳහන් කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/jcekes_ZYb0″]
වී අලෙවි මණ්ඩලයෙන් මිලට ගන්නා වී තොග සහල් බවට පත්කර වෙළෙද පොළට නිකුත් කිරීමේ කි්රයාවලියක් ආරම්භ කර තිබෙනවා. ඉදිරියේදී එය අඛණ්ඩව සිදුකරන බව ද සභාපතිවරයා සඳහන් කළා. පාරිභෝගික ජනතාවට ඉහළ ගුණාත්මකබවකින් යුතු සහල් ලබාදීම මේහි ප්රධාන අරමුණවී තිබෙනවා. වෙළෙද පොළේ සහල් මිල පාලනය ද එමගින් අපේක්ෂා කෙරෙනවා.