fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රථවාහන අනතුරු ගැන පොලීසියේ අවධානය

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 15, 2019 10:15

රථවාහන අනතුරු ගැන පොලීසියේ අවධානය

ඊයේ දිනය තුළ සිදුවූ රිය අනතුරු කිහිපයකින් අට දෙනෙකු මිය ගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබෙනවා. අබන්පොල , බණ්ඩාරගම, විල්ගමුව, අම්බලන්තොට , පේදුරුතුඩුව, තඹුත්තේගම සහ මොනරාගල යන ප්‍රදේශවලදීයි එම අනතුරු සිදුව තිබෙන්නේ. මේ අතර රිය අනතුරු සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව  රථවාහන අංශය භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ.

රථවාහන අංශය භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ,

හැටන් නුවර මාර්ගයේ කොටගල ප්‍රදේශයේ දී අද පෙරවරුවේ සිදුවූ රිය අනතුරකින් එකම පවුලේ හතර දෙනෙකු තුවාල ලැබුවා. ඔවුන් ගමන්ගත් ත්‍රීරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන පස් කන්දක වැදී උඩුකුරුව පෙරළීයාමෙනුයි අනතුර සිදුවුණේ. රියදුරුට නින්දයාම අනතුරට හේතුව බව වාර්තා වන අතර දිඹුලපතන පොලිසිය මේ පිළිබද වැඩිදුර පරික්ෂණ සිදුකරනවා.

මේ අතර අධිවේගි මාර්ග භාවිතයේදී වාහන අතර නිශ්චිත දුරක් පවත්වා ගන්නා ලෙස අවධාරණය කෙරෙනවා. ඊයේ රාත්‍රියේ දක්ෂිණ අධිවේගි මාර්ගයේ දී වාහන නවයක් එකිනෙක ගැටිමෙන් අනතුරක් සිදු වුණා. අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදු නොවුනද වාහනවලට දැඩි ලෙස හානි සිදු වුණා. දක්ෂිණ අධිවේගි මාර්ගයේ වැලිපැන්න හා කුරුදු ගහ හැතැක්ම පිවිසුම් අතරයි මෙම අනතුර සිදු වුණේ. අනතුරත් සමග දක්ෂිණ අධිවේගි මාර්ගයේ දැඩි රථවාහන තද බදයක්ද  ඇති වුණා. උත්සව සමයේ අධිවේගි මාර්ගය භාවිත කරන වාහන සංඛ්‍යාව ඉතා ඉහළ මටට්ටමක පවතින බැවින් සැලකිලිමත්ව රිය පදවන ලෙස අදාළ අංශ රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 15, 2019 10:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්