2047 දී ඉන්දියාව සංවර්ධිත රටක් බවට පත්කිරීම සදහා දින 100ක සංවර්ධන මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි තීරණය කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
ඉන්දීය මහ මැතිවරණය මේ වන විට ආරම්භ වී ඇති අතර 2019 වසරේ ලෝක් සභාවේ ප්රඵිපල මැයි 23වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. සංවර්ධන මෙහෙයුම හරහා විරැකියාවට විසදුම් ලබා දීම , දළ දේශීය නිශ්පාදනය 2.5%කින් වර්ධනය කර ගැනීමට අපේක්ෂිතයි. මහ මැතිවරණයෙන් තමන් ජය ගනු ඇති බවත් එම ජයග්‍රහණය හරහා රටේ ජනතාවට සංර්ධිත දේශයක් නිර්මාණය කිරීමට හැකි වනු ඇති බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සදහන් කර තිබෙනවා.