fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අධිවේගී මාර්ග භාවිතයේදී සැළකිලිමත් වන්නැයි ඉල්ලීමක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 15, 2019 09:21

අධිවේගී මාර්ග භාවිතයේදී සැළකිලිමත් වන්නැයි ඉල්ලීමක්

අධිවේගී මාර්ගය භාවිත කිරීමේදී වඩාත් සැලකිලිමත් වන්නැයි මෙහෙයුම් අධ්‍යක්ෂ එස් ඕපනායක මහතා රියදුරන්ගෙන් ඉල්ලීමක් කළා. හදිසි තිරිංග යෙදීම් හේතුවෙන් ඊයේ දිනයේදී අනතුරු කිහිපයක් වාර්තාවී තිබෙනවා.

අලුත් අවුරුද්දේ ගම්බිම් බලා යන සියලුදෙනාට පහසුවෙන් තම ගමනාන්ත වලට ළඟාවීමට හැකි වන ලෙස අවධානයෙන් කටයුතු කිරීම වැදගත් බවයි ඕපනායක මහතා පෙන්වාදුන්නේ.

ඉදිරි දින කිහිපයේදී අධිවේගී මාර්ගය භාවිත කිරීම සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇති බවයි ඕපනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ. එහිදී රථ වාහන තදබදයක් ඇති නොවන ආකාරයට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බව ද ඔහු පෙන්වාදුන්නා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 15, 2019 09:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්