fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

Update: නැකතට පැළ සිටුවීම දිවයින පුරා සාර්ථකව

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 15, 2019 08:49

Update: නැකතට පැළ සිටුවීම දිවයින පුරා සාර්ථකව

Update:අලුත් අවුරුදු නැකත් අතරට පැළ සිටුවීමේ නැකත ද මෙවර එක් කර තිබීම විශේෂත්වයක්. ඒ අනුව අද පෙරවරු 11.17ට තුන් පොකුරු යෝගය යෙදි තිබුණා. පැළයක් සිටුවා පරිසරය වෙනුවෙන් පුරවැසි වගකීම ඉටු කිරිමට එක්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටියා. ඒ අනුව යමින් ජනාධිපතිතුමා ද අද පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී පැළයක් සිටුවා මෙම චාරිත්‍රය ඉටු කිරීමට එක්වුවා.

අලුත් අවුරුද්ද වෙනුවෙන් පැළ සිටුවීමේ නැකත අද

පැළයක් සිටුවා පරිසරය වෙනුවෙන් පුරවැසි වගකීම ඉටු කිරිමට එක්වන ලෙස ජනාධිපතිතුමා සමස්ථ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මෙවර සිංහල අලුත් අවුරුදු නැකත් අතරට පැළ සිටුවීමේ නැකත ද එක් කර තිබෙනවා. තුන් පොකුරු යෝගය යෙදි ඇති අද දින පෙරවරු 11.17ට ස්වේත වර්ණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා පැළයක් සිටුවීම මැනවි ලෙසයි සදහන් වන්නේ. මෙම සුබ නැකතින් පැළයක් සිටුවා මතු පරපුරත් පරිසරයත් වෙනුවෙන් තම වගකීම ඉටුකිරීමට එක්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඒ සඳහා දැව අවශ්‍යතා සපයන නැඳුන්, කළුවර, බුරුත, හොර, නා සහ කුඹුක් ආදී දේශ්‍රීය පැළ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අඩවි වන කාර්යාල හා දිසා නිලධාරීන්ගෙන් නොමිලේ ලබාගැනීමට හැකි බව සමාජ වන විද්‍යා හා වන ව්‍යාප්ති අංශයේ වන සංරක්ෂක පී ඒ ජී එස් නන්දකුමාර මහතා ප‍්‍රකාශ කළා.

අද නැකත් වේලාවට පෙර ද එම ස්ථාන වලින් පැළ ලබාගත හැකි බවයි නන්දකුමාර මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 15, 2019 08:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්