උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතුවලට තවමත් බාධා එල්ල වී ඇති බව පාලක මැදිරිය සඳහන් කළා.
යාපනය සිට බෙලිඅත්ත දක්වා ධාවනය වූ දුම්රිය අනුරාධපුර සාළියපුර ප්රදේශයේදී පීලි පැනීමයි ඊට හේතුවයි.
එක් මැදිරියක් පීලි පැනීමට ලක්ව තිබෙනවා. එය යථා තත්ත්වයට පත්කිරිමේ කටයුතු මේ වනවිට සිදුවන බවයි පාලක මැදිරිය සඳහන් කළේ.
දුම්රිය පීලි පැනීම හේතුවෙන් කිසිවෙකුටත් හානි සිදුව නැහැ.