fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනපති තරුණ රැඳවියන්ටත් සුබපැතුම් එක් කරයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 14, 2019 18:54

ජනපති තරුණ රැඳවියන්ටත් සුබපැතුම් එක් කරයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මීගමුව, දළුපොත තරුණ රැඳවියන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවුණා. ඒ තරුණ රැදවියන්ගේ පුනරුත්ථාපන වැඩපිළිවෙළ සොයාබැලීමේ අරමුණෙන්.

මීගමුව දළුපොත තරුණ රැදවියන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවට එක්වූ ජනාධිපතිතුමා එම තරුණයන් සමග සුහද කතාබහක ද නිරතවුණා. තම ජීවිත පිළිබදව හා සිදුවූ වැරදි පිළිබද තරුණයින් කිහිප දෙනෙකු මෙහිදී ජනාධිපතිතුමා සමග සිය අදහස් ප්‍රකාශ කළා.

සුළු හා නවක වරදකරුවන් ඵලදායී පුනරුත්ථාපන ක්‍රියාවලියකට යොමු කිරීමෙන් ඔවුන් බරපතල අපරාධකරුවන් බවට පත්වීම වළක්වා යහපත් පුරවැසියන් බවට පත්කිරීම මෙම මධ්‍යස්ථානයෙන් සිදු කෙරෙනවා. ඒ පිළිබද නිරන්තර දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා මෙහිදී මධ්‍යස්ථානයේ අධිකාරිවරයා ඇතුළු නිලධාරීන් වෙත පැහැදිලි කළා.

එහි සුබ සාධන කටයුතු සහ පහසුකම් පිළිබදව සොයා බැලූ ජනාධිපතිතුමා උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සියලු තරුණයන් වෙත සිය සුභාසිංශන එක්කළා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 14, 2019 18:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්